Japan Api | ජපන් අපි

තව දුරටත් හදිසි තත්වය දීර්ඝ කිරීමට පිළියම්

මැයි මස 6 වන දින දක්වා මැඩපවත්වන [හදිසි තත්වය] වර්තමාන තත්වයන් යටතේ, මුළුමනින්ම අවලංගු කිරීම දුෂ්කර බවත් එම කාලය දික් කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය අබේ මහතා අයවැය කාරක සභාවේදී අදහස් ප්‍රකාශ කළේය.

ඒ සම්බන්දයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුලින් “රට තුල කරන වෛරස් පරීක්ෂණ ඉතා අල්පය සහගත බවත් එය අවශ්‍ය අයට ලබා දිය යුතුබවට අදහස් ප්‍රකාශ කළේය. සමහර විට අගමැති අබේ මහතා එය එතරම් බැගැරුම් ප්‍රශ්නයක් බවට සකන්නේ නැති . ” බව කියා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය අබේ මහතා, වෛරස් පරීක්ෂණ ගණන 20000 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙන බවත් ප්‍රාන්ත අතර විෂමතාවන් තිබිය හැක. එහෙත් දන්ත වෛද්‍යවරයන්ගෙන්ද සහයෝගය ලබාගෙන වෛරස් පරීක්ෂණ අවශ්‍ය යැයි සිතන අයට පරීක්ෂණයට භාජනය වීමට හැකි තරම් පහසුකම් ලබාදීමට කටයුතු කරන බව‍ට පැවසීය.

හදිසි තත්වය දීර්ග කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය අබේ මහතා, “විශ්ලේෂණයන් හා අදහස් මත තීරණයක් ගැනීමට තීරණය කර ඇති අතර, නමුත් වර්තමාන තත්වය තුළ වෛද්‍ය ක්ෂේත්‍රය අතිශයින්ම කටුක බවත්, වෛද්‍ය වෘත්තිකයන්ට විශාල බරක් වී ඇති දුෂ්කර තත්වය දිගටම පැවතිය හැකි බවද ” අදහස් දැක්විය.

තවද, අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා පාසල් වැසීම සම්බන්දයෙන් ළමයින්ගේ ඉගෙනීම සහතික කිරීම සඳහා අවශ්‍ය අවම අධ්‍යාපන ක්‍රියාකාරකම් ක්‍රමයෙන් ආරම්භ කිරීමට උවමනා ක්‍රම උපයාවල් සැකසීමට පියවර ගන්නා බවටද අදහස් දැක්විය.

 1,406 total views,  6 views today

Click to rate this post!
[Total: 0 Average: 0]