Japan Api | ජපන් අපි

භූමි කම්පාවල් වලට පෙර සුදානම් වෙමු

Earthquake

අද දිනයේ Japanඅපි විසින් ජපානේ විටින් විට ඇතිවෙන විශාල භූමි කම්පාවල් වලට මුහුණදීමට අවශ්‍ය පෙර සුදානම් පිළිබද දැනුවත් කිරීමට අපි සිතුවා.

පෙර සුදානම් කර යුතු දේවල්

කල්පවතින කෑම වර්ග සහ ජලය සකසා ගැනීම

Emergency Goods

විශාල භූමි කම්පාවක් ඇති වූ විට බොහෝ විට ජපානය තුල විදුලිය,ජලය,ගැස් නැවතීමක් සිදුවේ.එසේ වුනාම කඩේකට බඩු ගැනීමට යාම සහ කඩවල් වල බඩු නැතිවීම සිදුවෙන බැවින් ඒ වෙලාවට ගැනීමට ක්ෂණික ආහාරපාන පුළුවන් වේලාවට සුදානම් කර තබන්න උත්සහ කරන්න.ජලයද එක පුද්ගලයෙක්ට දවසකට සාමාන්‍යයෙන් ලීටර 2ක් අවශ්‍ය වෙයි.

තවද රේඩියෝ එකක් සහ විදුලි පන්දමකුත් සුදානම් කර තියා ගන්න සහ හදිසි අවස්ථාවක එය පහසුවෙන් සොයාගන්න පුලුවන් තැනක බහලුම් කරලා තබන්න.ඒ සමග කුඩා දරුවන් සිටීනම් ඒ අයට අවශ්‍ය දේවල් සහ ඩයිපර්ස් සුදානම් කර තියා ගන්න.

හදිසි අවස්ථාවකදී ඉක්මනින් සහ පහසුවෙන් ගෙදරින් පිටත් වෙන්න හැකි වෙන්න සුදානම් කරගත් දේවල් එකම මළුවකට දමා තියා ගන්න.තවද වැඩකරන අවස්ථාවේදීද මෙම තත්ත්ව ඇතිවිය හැකිබැවින් අවශ්‍ය දේවල් කීපයක් වැඩපලේද තබාගන්න.

කල්පවතින කෑම වර්ග සහ ජලය ඔබට Amazon සහ Rakuten මගින් ලබා ගත හැක.

තමා ජිවත් වන නිවසේ තත්වය සොයා බැලීම

Earthquake

විශාල භූමි කම්පාවලින් නිවාස ගොඩනැගිලි කඩාවැටීමෙන් ගොඩදෙනෙක් මිය ගිය ඇත.1981 වෙනකම් ජපානයේ භූමි කම්පාවට ඔරොත්තු නිවස් සහ ගොඩනැගිලි සාදන ප්‍රමිති එතරම් හොද තත්වයේ පැවතී නැති නිසා 1981 කාලයේදී ඉදිකර ඇති නිවස් සහ ගොඩනැගිලි වල ජිවත් වන්නේනම් භූමි කම්පාවල දී සැලකිලිමත් වී සිටින්න.

තමා ජිවත් වන කාමරය සකසා ගැනීම

විශාල භූමි කම්පාවක් ඇති වන විට ඔබ අප දන්නා ආකාරයට නිවසේ ඇති රුපවාහිනී යන්ත්‍ර ශ්‍රිතකරන අල්මාරි පෙරලෙන්න පුළුවන්.එම නිසා එම දේවල් පෙරලෙන්න නැති වෙන්න අවශ්‍ය පිළියම් යොදන්න.ජපානයේ හෝමු සෙන්ටර් සහ 100යෙන් ෂොප් වලින් ඉතා පහසුවෙන් අවශ්‍ය දේවල් ඔබට පහසුවෙන් ලබා ගත හැක.

නිවසින් පිටත ආරක්ෂක ස්ථාන ගැන සොයා බැලීම

Emergency Exit

විශාල භූමි කම්පාවක් ඇති වූ විට ගිනිගැනීම් හට වීමට ඉඩ ඇත.ඔබ අවට එම තත්වයක් ඇති වුනොත් හැකි ඉක්මණින් ළග ඇති ආරක්ෂක ස්ථානයකට (避難所:හිනන් ජෝ)යන්න.ඔබ ජිවත් වන නිවස හෝ ගොඩනැගිල්ල ආපදවයකට පත් වුනොත් ඔබට ටික කාලයක් ජපන් රජය විසින් පිළියල කර ඇති ආරක්ෂක ස්ථානයේ සිටීමට හැකිය.

ආරක්ෂක ස්ථාන (避難所:හිනන් ජෝ) ඇති තැන් ඔබ ජිවත්වන ප්‍රදේශයට අනුව වෙනස් වෙන බැවින් හදිසි අවස්ථාවකදී ඉක්මණින් එම ස්ථාන කරායාමට පහසු වෙන පරිදි කළින් සොයා බලා තබා ගන්න.ගොඩක් දුරට ආරක්ෂක ස්ථාන (避難所:හිනන් ජෝ) වලට ඔබ අවට ඇති ජපන් පාසල් නම් කර ඇති අවස්ථා බහුලයි.

ආරක්ෂක ස්ථාන (避難所:හිනන් ජෝ) : https://crisis.yahoo.co.jp/map/

 1,011 total views,  2 views today

Click to rate this post!
[Total: 0 Average: 0]