ජපානයේ ගංජා ඖෂධ තහනම් ඉවත් කිරීමට සුදානම්

cancer medicine

අප සැවොම හොදින් දන්නා පරිදි ජපානයේ දැනට පවතින නිතිය අනුව ගංජා ලග තබා ගැනීම පාවිච්චි කිරීම දැඩි දඩුවම් ලැබෙන වරදකි. තවද ගංජා වලින් සාදන ඖෂධත් පිටරටවල් කරා ආනයනය කිරීමද තහනම්.

එහෙත් ඇමෙරිකා සහ වෙනත් රටවල් වල පිලිකා සුවකිරීම සහ පිළිකා වේදනාව අඩුකිරීමට ගංජා අඩංගු ඖෂධ භාවිතා කරයි. එම නිසා ජපානයේ වෛද්‍ය සංගමය විසින් ඉදිරියේදී ගංජා වලින් සාදන ඖෂධත් ජපානයේ බාවිතා කිරීමට අවසර දෙන ලෙස ජපන් රජයෙන් ඉල්ලීමක් කර ඇති බවට NHK පුවත් මගින් වාර්තා වෙයි.

එම ඉල්ලීම සමග ජපානයේ සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය විසින් ජනවාරි මාසයේ සිට ජපානයේ දැනට පවතින නීති සංශෝදනය කිරීම ගැන සාකච්ඡා කිරීමට පටන් ගෙන ඇත. එම ඉල්ලීම සම්බන්දයෙන් සුබවාදී පිළියම් ගැනීමට තීරණය කරන බවත් වාරිතා වී ඇත.

සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය විසින් ගංජා වලින් සාදන ඖෂධත් පිටරටවල් කරා ආනයනය කිරීම සහ නිෂ්පාදනය කිරීම අවසර දීමට පිළියම් සකස් කිරීමට සදහා තව දුරටත් එය සම්බන්ධ විශේෂඥයන් සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

එම නිසා තවම ජපන් රජය විසින් වසර ලබා දී නොමැති බැවින් තවදුරටත් ගංජා ලග තබා ගැනීම පාවිච්චි කිරීම දැඩි දඩුවම් ලැබෙන වරදක් බව තරයේ මතක තබා ගන්න.

stop drugs

大麻草たいまそうからつくったくすり日本にっぽん使つかうことができるようにしたい」

NHK NEWS WEB EASY

 1,636 total views,  2 views today

Click to rate this post!
[Total: 1 Average: 1]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *