ජපානයතුල හදිසි තත්වය හෙට(1/8) සිට නැවතත්

ජපානය රජය විසින් තෝකියෝ ඇතුළු ප්‍රාන්ත 4කට ජනවාරි 8වෙනි දින සිට බල පැවැත්වෙන පරිදි හදිසි තත්වය නැවත ප්‍රකාශයට පත් කර ඇත.
හදිසි තත්වය තුල බලපැවැත් වෙන ප්‍රාන්ත
හදිසි තත්වය තුල බලපැවැත් වෙන ප්‍රාන්ත
- තොකියෝ
- කනගවා
- සයිතමා
- චිබා
තෝකියෝවල සීග්‍රයෙන් ඉහල නගින නව කොරෝනා අසාදිතයන් ගණන හැකි ඉක්මණින් පහළ බැස්වීමට නොහැකි වුවොත් ප්‍රතිකාර කිරීමට ඇති රෝහල් වල ඇදන් ප්‍රමාණය සහ රෝහල් පහසුකම් නැතිවීමට හැකි බැවින් ජපාන රජය මෙම තීරණය ගෙන ඇත.
ජනවාරි 8 හෙට දින සිට පෙබරවාරි 7වන දින තෙක් බල පැවැත්වෙන අතර අසාදිත පුද්ගලයන් සංඛයාව අනුව තව දුරටත් දීරිඝ කිරීමට ඉඩ ඇත
තොකියො වල අද දිනයේ(7) වාර්තාවී ඇති නව කොරොනා ආසාදිතයන් 2447 දෙනෙකු හමුවි ඇත.තවද මෙතක් හමුවූ කොරොනා ආසාදිතයන්ගෙන් 65දෙනෙකු මිය ගොස් ඇත.අද දිනයේ ජපානයේ මුළු නව ආසාදිතයන් ගණන 7533 සමග එක දිනකට ජපානය තුල හමුවූ නව ආසාදිතයන් ප්‍රමාණය ලෙස වාර්තා වෙයි.
හදිසි තත්වය තුල බලපැවැත්වෙන සංභාධක
- රාත්‍රිය 8 පසු අනවශ්‍ය ආකාරයට පිටත ගමන්බිමන් වැළකීම
- රැකියාවල් සදහා ගමනාගමනය 70% අඩු කිරීම සහ හැකි තරමට ගෙදර සිට වැඩ කිරීම
- ආපනශාලා සහ මත්පැන් බීමට ලබාදෙන ස්ථාන රාත්‍රිය 8න් අවසන් කිරීම(මත්පැන් ලබාදීම රාත්‍රිය 7)
- පුද්ගලයන් රැස්වෙන සාදයන් සහ ස්ථාන රාත්‍රිය 8න් අවසන් කිරීම
තවද ළමයින්ගේ ඉගෙනීම් කටයුතු කරගෙන යාම සදහා හදිසි තත්වය පැවතුනත් පාසැල් වැසීමක් නොකරන බවට ජපාන රජය තීරණය කර ඇත.
ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් අපේ මෙම ලිපිය share කරන්න.
- චීන හමුදා ගුවන් යානයක් ජපාන ස්වයංරක්ෂක බලකා ගුවන් යානයට රේඩාර්
- ජපන් විදේශිකයන්ගේ වීසා ප්‍රතිපත්ති දැඩි කිරීමට සලකා බලයි
- වයස 18 වැඩි පුද්ගලයන් සිට එන්නත් ලබාගැනීමට අවස්ථාව
- ජපානයේ ගංජා ඖෂධ තහනම් ඉවත් කිරීමට සුදානම්
- එක දිනකට ජපානයේ අසාද්‍ය කොරොනා රෝගීන් 1209 දෙනෙකු
2,614 total views, 23 views today


