Japan Api | ජපන් අපි

සුනාමියකින් පරිස්සම් වෙන ආකාරය

tsunami
Tsunami

සාගරයේ භූමි කම්පාවක් ඇතිවුන විට සුනාමියක් පැමිණීමේ අවස්ථාව ඉතා වැඩියි.ජපානයේ භූමි කම්පාවක් ඇතිවු සැනින් එය ගැන හැම සංනිවේදන මාද්‍ය මගින් සැනකින් ප්‍රකාෂ කරන අතර සුනාමියක පැමිණීම ගැනත් දැනුවත් කරයි.

2004 වර්ෂයේදී ශ්‍රී ලංකාව අවට සහ 2011 වර්ෂයේ ජපානයේ ඇතිවූ විශාල භූමි කම්පාව සමග ඇතිවූ සුනාමිය නිසා විශාල පිරිසකට ජීවිත සහ දේපළ අහිමි වුනා. එම නිසා සුනාමික් ඇති වුන විට ජපානය විසින් ප්‍රකාශ කර ඇති උපදෙස් අපි ඔබ වෙත ගෙන ඒමට තිරණය කලා.

සුනාමියේ ශක්තිය

Tsunami Power

සුනාමියට විශාල ශක්තියක් ඇති අතර උස මීටර 10 කට වැඩි වන අවස්ථා බහුලය.2011 වර්ෂයේ ජපානයේ ඇතිවූ විශාල භූමි කම්පාව සමග ඇතිවූ සුනාමිය නිසා සාගරය වටේට දමා ඇති සුනාමි මර්දන තාප්පයද විනාශ වුනා. මීටර 2ක උස ප්‍රමාණයක සුනාමි පැමිණ තැන් වල ගොඩනැගිළි 70%ක් විනාශ වී ඇත.සුනාමියේ ඇති ශක්තිය ඉතා විශාල නිසා 50cm උසකින් වුවත් මිනිසෙක් ගසාගෙන යාමේ ශක්තියක් ඇත.

සුනාමිය අතිශය වේගයෙන් පැමිණෙන නිසා සුනාමිය එන එක බලාගෙන පලායාමට නොහැකිය.එම නිසා තම රටේ හෝ අවට විශාල භූමි කම්පාවක් ඇති වුවොත් හැකි ඉක්මණින් ආරක්ෂාකාරි තැනකට පලායන්න.

උස තැනක් සොයා ගන්න

Tsunami Evacuation

සුනාමියක් පැමිණෙන විට මුල් අවස්ථාවේ සාගරයේ ජලයේ අඩුවීමක් පෙන්වන අවස්ථා ඇත.එහෙත් අඩු නොවන අවස්ථාද ඇති නිසා භූමි කම්පාවක් ඇතිවූ විට සුනාමියක් පැමිණීමට හැකි බව සිතා, හැකිතරමින් මුහුද අවටට නොයා උස තැනකට පලායන්න.උස තැනක් නොමැති නම් ගොඩනැගිල්ලක උඩම මහළයකට යන්න.

මුහුද අවට ජිවත්වන අය පෙරතියා ඔබ අවට උස ස්ථාන ගැන සොයා බලා තබාගන්න.එම ස්ථාන ගැන ඔබ පවුල සහ ඔබ අවට පුද්ගලයන්ද දැනුවත් කරන්න.

ගඟවල් අවටත් අවදානම්

Tsunami

සුනාමිය මෝය කටවල් මාර්ගයෙන් ගඟවල් කරා පැමිණීමට හැකි අවස්ථා ඇතිනිසා සුනාමියක් ඇතිවූ විට ගඟවල් අවටට නොයා ඉන්න.

සුනාමිය කීපවරක් පැමිණේ

සුනාමිය කීපවරක් පැමිණෙයි.පසුව පැමිණෙන සුනාමි, මුලින් පැමිණි සුනාමි වලට වඩා ශක්තියෙන් වැඩිවෙන අවස්ථා බහුලය.එම නිසා සුනාමිය එක වරක් ඇවිත් ගියා සිතා මාද්‍ය මගින් හෝ විශ්වාසවන්ත මාර්ග මගින් දැනුවත් කරනතුරු මුහුද අවටට නොයා ඉන්න වගබලා ගන්න.

ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් කරුණාකර අපේ මෙම ලිපිය share කරන්න.]

 3,621 total views,  3 views today

Click to rate this post!
[Total: 0 Average: 0]