Japan Api | ජපන් අපි

භූමි කම්පාවක් ඇතිවුන විට කලයුතු දේවල්

earth quake

පෙර දිනයේ Japanඅපි විසින් ජපානේ විටින් විට ඇතිවෙන විශාල භූමි කම්පාවල් වලට මුහුණදීමට අවශ්‍ය පෙර සුදානම් පිළිබදව දැනුවත් කිරිමක් සිදුකලා.අද අපි විශාල භූමි කම්පාවල් ඇති වුන විට ක්‍රියා කලයුතු ආකාරය පිලිබදව හා එක් එක් අවස්ථා අනුව ඔබ ක්‍රියා කලයුතු ආකාරය පහත දැක්වේ.

ගොඩනැගිල්ලක සහ නිවසේ සිටින විට

ගොඩනැගිල්ලක සහ නිවසේ සිටින විට විශාල භූමි කම්පාවක් ඇති වුවහොත් මේසයක් වගේ යටට වී ආරක්ෂා වෙන්න.එයින් භූමි කම්පාවේ සෙලවීමෙන් උඩ සිට වැටෙන දේවල් වලින් පරිස්සම් වෙන්න හැකියාවක් ඇත.

ගොඩනැගිල්ලක සහ නිවසේ සිට පලා යාමට සිදුවූ විට

හැකි පමණින් ගෙදර විදුලිය විසන්දී(ට්‍රිප් එක OFF ) කර පිටත් වීමට උත්සහ කරන්න.විශාල භූමි කම්පාවක් ඇති වුනොත් විදුලිය විසන්දි වීමට ඉඩකඩ ඇති වුවත් ඔබ නිවසේ නැති අවස්ථාවේ නැවත විදුලිය ලැබිමෙන්,

ඔබගේ නිවසේ ඇති හීටර් වැනි යන්ත්‍ර නැවත පනගැන්වීම මගින් ගිනි ගැනීම්හට ගැනීමටහැකියාවක් ඇති බැවින් හැකිතාක් දුරට විදුලිය විසන්දී කරන්න උත්සහකරන්න

පිටත සිටින විට

පිටත සිටින විට ළග ඇති ගොඩනැගිලි වල වීදුරු සහ නාමපුවරු වැනි දේවල් කඩාවැටීම තුල ඔබට තුවාල විය හැකි බැවින් හැකිතරම් ආරක්ෂක ස්ථානයකට දිව යන්න.

තවද ඔබ අවට කඳු සහ පල්ලම් සහිත ස්ථානයක් නම් කඳු නායයාම් සිදුවීමට ඉඩ ඇති බැවින් එම ස්ථානයෙන් ඉවත් වන්න.

මෝටර් රථයක් ධාවනය කරන විට

මෝටර් රථය පාර අයිනෙන් නවතා එන්ජිම නවත්වන්න.තවද වාහනය පාර අයිනෙ තබා පලා යාමට සිදුවේ නම් දොර ලොක් නොකර වාහනයේ යතුර තබා යන්න.

හදිසි අවස්ථාවකදී යතුර තබා තිබුනොත් ඔබේ වාහනය වෙන තැනකට ගෙන යාම සඳහාය

නිවස කරා යනවිට

විශාල භූමි කම්පාවක් ඇතිවූවිට ජපානයේ දුම්රිය සහ බස් ගමනාගමනය නවතියි.එම නිසා නිවස බලා යාමට හදිසි නොවී තම වැඩපලේ හෝ ලග ඇති පාසලක් වගේ ආරක්ෂාකාරී තැනක ටික වෙලාවක් නැවතී සිට අවට තත්වය ගැන සැලකිලිමත් වෙන්න.

මේ වගේ හදිසි අවස්ථාවක හැමෝම කළබලවී නිවස කරා යාම සිදුකළහොත් දුම්රිය සහ බස් නැවතුම් පළවල් තදබදකාරී තත්වයක් ඇතිවන බැවින් රුපවාහිනීයකින් හෝ අන්තර්ජාලය මගින් අවට තත්වය ගැන සොයාබලා නිවස වෙත යන්න උත්සහ කරන්න.

පවුලේ අයගේ විස්තර සොයා බලන ආකාරය

විශාල භූමි කම්පාවක් ඇතිවූවිට හැමෝම තමාගේ නිවසේ අයට දුරකථනයෙන් සම්බන්ද කර ගැනීමට උත්සහ කරන නිසා දුරකථනයෙන් සම්බන්ද කරගැනීමට අපහසු වෙයි.

එම අවස්ථාවල දුරකථන මගින් කතා කිරීමට බැරි උනත් 171 නම්බරයට කතා කිරීමෙන් ඔබට ඔබේ පවුලේ අයට පණිවිඩයක් පටිගත කර යැවීමට හැක.

Disaster Emergency Message Dial (171)

how to use 171

භූමි කම්පාව නිසා ඔබේ නිවසට බරපතළ ලෙස හානි වී ඇතිනම්

භූමි කම්පාව නිසා ඔබේ නිවසට බරපතළ ලෙස හානි වී ඇතිනම් හැකි ඉක්මණින් ළග ඇති ආරක්ෂක ස්ථානයකට (避難所:හිනන් ජෝ)යන්න.

ඔබ ජිවත් වන නිවස හෝ ගොඩනැගිල්ල ආපදවයකට පත් වුනොත් ඔබට ටික කාලයක් ජපන් රජය විසින් පිළියල කර ඇති ආරක්ෂක ස්ථානයේ සිටීමට හැක.

ඔබ ජිවත් වන නිවස හෝ ගොඩනැගිල්ල ආපදවයකට පත් වුනොත් ඔබට ටික කාලයක් ජපන් රජය විසින් පිළියල කර ඇති ආරක්ෂක ස්ථානයේ සිටීමට හැකිය.

ආරක්ෂක ස්ථාන (避難所:හිනන් ජෝ) ඇති තැන් ඔබ ජිවත්වන ප්‍රදේශයට අනුව වෙනස් වෙන බැවින් හදිසි අවස්ථාවකදී ඉක්මණින් එම ස්ථාන කරායාමට පහසු වෙන පරිදි කළින් සොයා බලා තබා ගන්න.

ගොඩක් දුරට ආරක්ෂක ස්ථාන (避難所:හිනන් ජෝ) වලට ඔබ අවට ඇති ජපන් පාසල් නම් කර ඇති අවස්ථා බහුලයි.

ආරක්ෂක ස්ථාන (避難所:හිනන් ජෝ) : https://crisis.yahoo.co.jp/map/


ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් කරුණා කර අපේ මෙම ලිපිය share කරන්න.

 2,699 total views,  2 views today

Click to rate this post!
[Total: 0 Average: 0]