ජපානයට පැමිණීමේ දේශසීමා නියාමන දැඩි කරයි

ඉන්දියාව දැනට මුණ දී සිටින කොරෝනා වෛරසයේ සීග්‍ර වැඩිවීම නිසා ජපන් රජය ඉන්දියාව අවට රට වලින් ජපානයට පැමිණෙන පුද්ගලයන්ගේ දේශසීමා නියාමන වැඩි කිරීමට තීරණය කර ඇත.

දැනට ලැබෙන ආරංචි වලට අනුව එම නියාමන වැඩිකිරීමට අදාල රටවල් ඉන්දියාව,පකිස්ථානය,නේපාලය ඇතුලත් වෙයි.

එම නියාමන වැඩිකිරීම සමග අදාල රටවල්වලින් පැමිණෙන පුද්ගලයන් දැනට බලපවත් වන දවස් 14ක නීරෝධානයෙන් මුල් දවස් 6 ජපන්රජය විසින් පවත්වන නිරෝධාන මාද්‍යස්ථාන වල රදවා දැනීමට සැලසුම් කර ඇත.

කොරෝනා වෛරස පැතිරීම සමග ජපන් රජය පනවා ඇති දේශ සිමා නියාමන ලෙස, ජපානයට ඇතුළු වූ වහාම දවස් 14ක් නීරෝධාන අවශ්‍යය. එහෙත් කොරෝනා වෛරසයේ ප්‍රබේද පැතිරෙන රටවල් කරා පැමිණෙන පුද්ගලයන් ජපන්රජය විසින් පවත්වන නිරෝධාන මාද්‍යස්ථාන වල දින 3ක් රදවාගෙන පරික්ෂා කිරීමට ලක් කරනු ලැබේ.

ඉන්දියාවේ ඇති වී ඇති තත්වය නිසා ඉහත නියාමන දැඩි කර ජපන්රජය විසින් පවත්වන නිරෝධාන මාද්‍යස්ථාන වල දින 3 සිට 6 දක්වා දිගු කර ඇත. ඒ අතර දින 3ක් ඇතුලත PCR පරියේෂණ පවත්වා එම පරියේෂණ හොද තත්වයේ පවතින පුද්ගලයන් පමණක් ඉදිරි දින 8 තම නිවසේදී නිරෝධානය වීමට අවසරය ලබා දෙනවා.

මෙම අලුත් නියාමන මැයි මස 10 වෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට ජපන් රජය විසින් තීරණය කර ඇත.

 2,176 total views,  6 views today

Click to rate this post!
[Total: 1 Average: 1]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *