කොරෝනා වෛරසයට මුහුණ දෙන ජපානයේ ජීවිතය(ජූඩ් පියතුමා)

බොහෝ දෙනෙක් මේ දවස්වල අහන දෙයක් තමයි ජපානයේ ඔයාලගේ තත්වය කොහොමද කියලා. එසේ අහන අයට, යම් හෙයකින් මේ ආකාරයට පිළිතුරු දිය හැකියි.
ජපානය ආරම්භයේ සිටම මෙම වෛරසයට ගොදුරු වූ රටවල් වලින් එකකි. (නෞකාව පිළිබඳ ප්‍රවෘත්තිය) මෙම වසංගතය පාලනය කිරීමට ජපන් රජය පියවර ගැනීමට පෙර, කතෝලික දේවස්ථාන පියවර ගන්නට යෙදුනා.

චතාරික කාලය තම වාසස්ථානයේ සිට, නොයෙකුත් මාධ්‍ය තුලින්, දිව්‍ය පුජාවට හා යාච්ඤාවන වලට සහභාගී වන ලෙස ආරාධනා කලා.

මාසෙකට අධික කාලයක්, චතාරික කාලයේ සිට මේ උත්ථාන සමයේදීත් එසේම සිදුවෙනවා.

අපේ සංග ජීවිතය දේවස්ථාන, ආගමික පිළිවෙත් වලින් පූර්නවී තිබුනද,වෛරස් වසංගතය දෙව් විමන අපගේ ජීවිතයයි කියා ඒත්තු ගන්වන්නට යෙදුණා කියා හිතෙනවා.
ඊයේ සිට (අප්‍රියෙල් 17), ජපානය මුළු රටටම හදිසි අවස්ථාවක් කරන බව දැනුම් දුන්නා.

හදිසි අවස්ථාවක් යනු ස්ථානයක් අගුලු දැමීමට වඩා වෙනස්. අපගේ මුලික අවශ්‍යතාවල් සඳහා තම නිදහස තිබෙනවා.

සමහර ප්‍රදේශ, නගරවල්, මේ  බලපෑමට ලක්ව ඇති සංක්‍යව අඩු වුවත්, මෙහි ඇති බරපතලකම තේරුම් ගැනීමට හා රටක් වශයෙන් සියල්ල දායකවී, කරදරයට පත්, විසාල සංක්‍යවක් ඉන්නා ප්‍රදේශ සිහියේ තබාගෙන,

සියල්ල එකා මෙන් වන්නට කරන, අගමැති අබේ ශින්සෝ (Abe Shinzo) තුමාගේ ඉල්ලීමේ යෝග්‍යතාවය ඉහලයි කියා සිතමි.ඒ නිසා මේ තීරණයට අපද එකගවී සහයෝගය දැක්වීම සහා 

අන් ජනතාව සමඟ එක්ව මේ දුෂ්කර කාලය විගස ගෙවී යන ලෙස යාච්ඤා කරමු.

ජූඩ් පීරිස්පුල්ලේ (නි.ම.නි.) පියතුමා 

(නගෝයා-කතෝලික ටෝයෝහෂි දේවස්ථානයේ සිට)

තවතවත් විස්තර දැනගන්න https://japanapi.jp

 464 total views,  1 views today

Click to rate this post!
[Total: 0 Average: 0]