සැක සහිත ඊමේල් වලින් පරිස්සම් වන්න

ජපන් රජය විසින් කොරානා වයිරසයෙන් පිඩාවට පත්වූ ජපානයේ සියලුම ජනතාව සදහා ලබාදෙන 10万円 ගැන ජංගම දුරකථන වෙත සැක සහිත ඊමේල් පණිවිඩය පැමිනෙන බව අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යාංශය පවසා ඇත.

අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යාංශයට අනුව, එක් පුද්ගලයෙකුට යෙන් 100,000 ක ඒකාකාර ගෙවීමේ ක්‍රමවේදයක් ඇති බව මවා පාමින් බැංකු ගිණුම් අංකය සහ PIN අංකය ලබාදෙන ලෙස සදහන් කර ඇති බවට වාර්තා වේ.

මේ හේතුව නිසා 23 වන දින අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යාංශය මගින් මෙම වංචාවන් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජංගම දුරකථන සමාගම්වලින් ඉල්ලා තිබේ.

Docomo,Au,Softbank සමාගම් තුනක් දැනටමත් ඔවුන්ගේ වෙබ් අඩවි යනාදිය හරහා දැනුවත් කර ඇති නමුත්,

අපි විසින්ද වැඩි අවධානයක් යොමු කර මේ ආකාරයේ වංචා වලට හසු නොවීමට පරිස්සම් වෙමු.

 585 total views,  2 views today

Click to rate this post!
[Total: 0 Average: 0]