ජපානයේ පළාත් 3ක හදිසි තත්වය අවලංගු කරයි

මෙතෙක් කල් හදිසි තත්වය බලපැවැත්වූ ප්‍රාන්ත 8න් ඕසකා,කියොතෝ,හියෝගෝ ප්‍රාන්ත 3ක් ජපානයේ අගමැති අබේ මහතා දැන් ටික වෙලාවකට පෙර නිල වශයෙන් ඉවත් කලේය.
එහෙත් තොකියෝ සහ හොක්කයිදො වැනි ප්‍රාන්ත 5 සම්බන්ධයෙන් තවදුරටත් හදිසි ප්‍රකාශය එසේම බල පැවැත්වේ.
හදිසි තත්වය එසේම බලපැවත්වෙන ප්‍රාන්ත 5
- හොක්කයිදො
- තොකියෝ
- කනගවා
- සයිතමා
- චිබා
තොකියො වල ඊයෙ දිනයෙත්(20) නව කොරොනා ආසාදිතයන් 5 දෙනෙකු හමුවි ඇත. හදිසි තත්වයක් කල දිනයේ සිට 10ට අඩු ආසාදිතයන් හමුවු දෙවන දිනය බවට ජපන් රජය ප්‍රකාශ කරයි.තවද කනගවා 21 දෙනෙක්, ඕසකා ප්රාන්තයේ 3 දෙනෙක් හමු වි අතර ජපානයේ කොරොනා වෛයිරසයේ මුලු ආසාදිතයන් ප්‍රමාණය 17145 වෙයි.
හදිසි තත්වයක් අවලංගු කල ප්‍රාන්ත සහ අවලංගු නොකර ප්‍රාන්ත වල සම්පූර්ණ ආසාදන වැළැක්වීමේ පියවර නොකළහොත් ආසාදනය නැවත පැතිර යා හැකි බව රජය පවසයි. එම නිසා පිටතට යන එක අඛණ්ඩව අඩු කරන්න ලෙස රජය ඉල්ලා සිටි.
- චීන හමුදා ගුවන් යානයක් ජපාන ස්වයංරක්ෂක බලකා ගුවන් යානයට රේඩාර්
- ජපන් විදේශිකයන්ගේ වීසා ප්රතිපත්ති දැඩි කිරීමට සලකා බලයි
- වයස 18 වැඩි පුද්ගලයන් සිට එන්නත් ලබාගැනීමට අවස්ථාව
- ජපානයේ ගංජා ඖෂධ තහනම් ඉවත් කිරීමට සුදානම්
- එක දිනකට ජපානයේ අසාද්ය කොරොනා රෝගීන් 1209 දෙනෙකු
1,109 total views, 2 views today


