කොහොමද ජපන් රජයෙන් ගෙවන ¥ 100000 ලබාගන්නේ???

ජපන් රජය විසින් කොරානා වයිරසයෙන් පිඩාවට පත්වූ ජපානයේ සියලුම ජනතාව සදහා 10万円( ආසන්නව රු 170 000 පමණ ) ලබාදීමට තීරනය කර තිබෙනවා. 
මේ මුදල ලබාගන්නේ කොහොමද කියලා අද අපි සාකච්ඡා කරලා බලමු.

✍ජපානයේ සිටින විදේශිකයන්ටත් මෙය ලැබෙනවාද??
ඔවු. ජපානයේ පදිංචිය සහතික කර resident card (在留カード)එකක් ඇති සියලු විදේශිකයන්ටද මෙම 10万円 සහනාධාරය ගතහැකිය.

✍️කොහොමද මේ සහනාධාරය ලබාගන්නේ??
මේ සදහා city office (市役所) එක මගින් ඔබට තැපැල් මාර්ගයෙන් ලැබෙන්න සලස්වන පෝරම බැංකු තොරතුරු සහිතව පුරවා නැවත් city office එකට තැපැල් කර යැවීම මගින් මෙම සහනාධාරය ඔබගේ බැංකු ගිණුමට බැරකර ගත් හැක.
ඔබට ඔබගේ my number card පත ඇති නම එමගින් ඔබගේ අන්න්‍යතාව online තහවුරු කරගත හැකි නිසා online apply කිරීමටද පහසුකම් සලසා ඇත.

✍️කවදාද ලැබෙන්නේ??
මැයි මාසය තුල මෙම මුදල බෙදාදීමට කටයුතු කරන අතර ඒ සදහා වැයවන කාලය ප්‍රාන්තයේ city office එකෙහි කාර්‍යක්ෂමතාව මත රදාපවතී.

✍️ මේ සහනාධාරය සදහා tax අයවෙනවාද?
නැත. මේ සදහා tax අය නොවේ.

✍️ සහනාධාරයේ අරමුණ ?
හදිසිතත්වයක් ප්‍රකාශට පත් කිරීමෙන් අපහසුතාවට පත්වූ ජනතාවට සහනයක් දීමට සහ ආර්ථිකය නගාසිටුවීමට.

✍️මෙම මුදල ජපන් රජය ලබාගන්නේ කෙසේද?
ජපන් රජය සදහා ජපානයේ මුලු ජනගහනය වන මිලියන 126ට ගෙවීමට යෙන් ට්‍රිලියන 12.6 අවශ්‍ය වන අතර මෙම මුදල භාණ්ඩාගර බැදුම්කර මගින් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

♻️ අනිත් අයටත් දැනගන්න ශෙයා කරන
අපේ පේජ් එකටත් like එකක් දාල තියාගන්න නිතර අළුත් වන තොරතුරු ඔබට ලද සැනින්…

 1,008 total views,  2 views today

Click to rate this post!
[Total: 0 Average: 0]