කොරෝනා ආසාදනයෙන් ඔසුමෝ ක්‍රීඩකයෙක් මරණයට (වයස 28)

ජපානයේ ඔසුමෝ සංගමයේ නිවෙදනක් අනුව ඊයේ දින ඔසුමෝ ක්‍රීඩකයෙක් කොරෝනා ආසාදනයෙන් මරණයට පත් වී ඇත. කොරෝනා ආසාදනයෙන් ඔසුමෝ ක්‍රීඩකයෙක් මරණට පත්වූ පළමු අවස්ථාව විය.

මියයනවිට ඔසුමෝ ක්‍රීඩකයාගේ වයස 28 වන අතර ඔසුමෝ වල තෙවන අදියරයෙ ක්‍රීඩකයෙක් විය.

එම ක්‍රීඩකයා උණ සහ මාංශ පේශි කැක්කුම යනාදී රෝග ලක්ෂණ නිසා මේ මස 8වෙනිදා රෝහල්ගත වී ඇති අතර පරීක්ෂණ වලදී කොරෝනා ආසාදනයට ලක්වී ඇති බව සනාථ වී ඇත. ටික දවසකට පසු රෝග තත්වය බැගැරුම් තත්වයට පත්වී ඊයේ දින 13 වනදා මරණයට පත් වුන බව ජපානයේ ඔසුමෝ සංගමය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම මරණය ජපානයේ තුල අඩුම වයසින් මියගිය පුද්ගලයාද වන බවට සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය පවසා ඇත.

https://www3.nhk.or.jp/news/html/20200513/k10012428091000.html

NHK NEWS WEB

 930 total views,  6 views today

Click to rate this post!
[Total: 0 Average: 0]