වයස අව්රුදු 2ට අඩු දරුවන්ට මාස්ක් පළදවන්න එපා

should NOT be put on babies

කොරෝනා වෛරසය අසාදනය වැලක්වීමට හැමෝම මාස්ක් පැළදීම සිදුකරයි

එහෙත් ජපානයේ කුඩා ළමුන්ගේ වෛද්‍ය සංගමය මගින් වයස අව්රුදු 2ට අඩු දරුවන්ට මාස්ක් පැළදවීම අතිශයෙන් අනතුරු දායක බවට නිවේදනය කර ඇත.එම නිසා වයස අව්රුදු 2ට අඩු දරුවන්ට මාස්ක් පැළදවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටි.

කුඩා ළමුන්ගේ වෛද්‍ය සංගමය එයට හේතු වශයෙන් ප්‍රකාශ කරන්නේ,කුඩා දරුවන්ගේ ශ්වසන පද්දතිය ඉතා කුඩා බවත් මාස්ක් පැළදවීමෙන් මගින් දරුවන්ගේ හුස්ම ගැනීමට අවහිර වීමක් සිදුවන බවය.

තවද මාස්ක් එක මගින් උෂ්ණත්වය පිටවීම අඩුවන නිසා දරුවන් දැඩි අපහසුතාවයට පත්වන බව සහ මාස්ක් එක මගින් දරුවන්ගේ මුහුණ ආවරණය වන නිසා දරුවන්ගේ අපහසුතා තත්වය දෙමාපියන්ට සැනකින් හදුනාගැනීමටද නොහැකි බවය.

වෛද්‍ය සංගමය තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ කොරෝනා වෛරසය අසාදනය මගින් දරුවන් දැඩි රෝගකාරී තත්වයට පත් නොවන බවය. එම නිසා ජපානයේ කුඩා ළමුන්ගේ වෛද්‍ය සංගමය විසින් වයස අව්රුදු 2ට අඩු දරුවන්ට මාස්ක් පැළදවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටී.

  • ජපානයේ කුඩා ළමුන්ගේ වෛද්‍ය සංගමය (日本小児科医会) Japan Pediatric Association

ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් කරුණාකර අපේ මෙම ලිපිය share කරන්න.

 1,410 total views,  3 views today

Click to rate this post!
[Total: 0 Average: 0]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *