¥100000 ලබා ගැනීම තව දුරටත්

ජපානයේ අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යාංශය විසින් යෙන් 100,000 ක සහන ගෙවීම ලාබා දෙන ආකාරය ඊයේ(20) දිනයේ ප්‍රකාශ කර ඇත.

ජාතිකත්වය නොතකා මෙය ලබාදෙන අතර මෙම මස(අප්‍රේල්) 27 වන දින වන විට
ජපානය ඇතූලත ලීයාපදංචි වී ඇති මාස තුනකට වඩා වීසා තිබෙන පුද්ගලයින්ට මෙම ප්‍රතිලාභ අදාළ වේ.
(දැනට තියෙන තොරතුරැ අනුව)

මෙම මුදල ලබා දෙන අයට ඹබ ලියාපදිංචි වී ඇති මහ නගර සභාවෙන්(ශි / කුයකුශෝ) ඹබගේ ලිපිනයට තැපෑලෙන් එවන එවන බවටත් එය ලබා ගත් විගස ආදාල තොරතුරැ පුරවා නැවත තැපැල් කරන්න.එයත් සමග ඔබ අයදුම් පතේ පිරවු බැංකු ගිනුමේ නම සහතික කිරිම සදහා නම සදහන් පිටුවේ පිටුපතකුත් ඇතුලත් කරන යවන්න අමතක කරන්න එපා.

ඔබට මයි නම්බර් කාඩ්පතක් තිබේ නම්, අනතර්ජාලය මගින් අයදුම් කල හැකි බව සදහන් වේ.සෑම නගර සභාව විසින් අයදුම්පත් භාර ගැනීම ආරම්භ කළ යුතු දිනය තීරණය කරනු ඇති අතර අයදුම්පත් භාරගන්නා දිනයේ සිට මාස 3 ක් ඇතුළත අයදුම්පත් භාරගැනිම අවසන් කරන බවට දැනුවත් කර ඇත.

මෙම අයදුම් පත් බාර ගැනීමේ දිනය ආදල නගර සභාව තීරනය කරන බවත් ඉක්මනට පුලුවන් නගර සභා ලබන මාසේ සිට ආරම්භ කරනු ඇත.”තවද මේ සියලු ක්‍රියා පටිපාටිය සදහා කාටවත් නගරසභාවට යාමට අවශ්‍ය නොවේ” ඒ නිසා කව්රැවත් නගර සහාවල ගැවසෙන්න යන්න එපා.

තවද අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යතුමාගෙන් මෙයට අයදුම් කිරීමට බලාපොරොත්තුවක් ඇත්දැයි වාර්තාකරුවන්ගෙන් විමසූ නමුත්, “මම මෙයට අයදුම් කිරීමට කිසිදු අදහසක් නැත“ පවසා ඇත.

අයදුම් පත්‍රයේ කෙටුම්පත් ආකෘතියක් අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර ලද අයදුම්පතේ කෙටුම්පතට අනුව, ගෘහ මූලිකයා විසින් නිවසේ නම, උපන් දිනය සහ වර්තමාන ලිපිනය මෙන්ම ප්‍රතිලාභ මාරු කිරීමට අපේක්ෂා කරන පුද්ගලයාගේ නමින් මූල්‍ය ආයතනයේ ගිණුම් තොරතුරු විස්තර ඇතුලත් කිරීමට අවශ්‍ය වෙයි.

ගිණුමක් නොමැති හෝ බැංකුවකින් දුර බැහැර ජීවත් වන පුද්ගලයින්ට, අයදුම්පත කෙලින්ම පළාත් පාලන කාර්යාලයට ඉදිරිපත් කර පසු දිනකදී ප්‍රතිලාභ ලබා ගත හැකි වන බවට දැනුම් දී ඇත.ඔබ අයදුම්පත ලබා ගත් විට, අයදුම්කරු සනාථ කරන ලේඛනයේ පිටපතක් සහ නම් කරන ලද බැංකු ආයතනයේ ගිණුම සනාථ කරන ලේඛනයක් යැවීමට ඔබට අවශ්‍ය වනු ඇත.

තවද මෙම මුදල ලබා ගැනීමට අකමැති පුද්ගලයෙකු සිටී නම්, තැපැලෙන් ලැබුනු අයදුම් පත්‍රය නැවත නගර සහාවට තැපල් කිරීමට අවශ්‍ය නොමැත.

උපුටා ගැනීම
NHK NEW WEB

https://www3.nhk.or.jp/news/html/20200420/k10012396751000.html

 724 total views,  2 views today

Click to rate this post!
[Total: 0 Average: 0]