කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණ

ආරම්භක රෝග ලක්ෂණ

කොරෝනා වෛරසය ආසාදනය වූ විට, ආරම්භක රෝග ලක්ෂණ මතුවීමට සති 2 ක් දක්වා සාමාන්‍යයෙන් දින 5 සිට 6 දක්වා ගත වෙයි.

ආරම්භක රෝග ලක්ෂණ බොහොමයක් සෙම්ප්‍රතික්ෂාවට (風邪:かぜ) වලට සමාන වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනුම් දෙන ආකාරයට උණ, වියළි කැස්ස සහ ශරීර තෙහෙට්ටුව බොහෝ විට දක්නට ලැබෙන රෝග ලක්ෂණ ලෙස සඳහන් කළ අතර සමහර රෝගීන්ට නාසයේ තදබදය සහ උගුරේ අමාරුව සහ පාචනය ආදියත් ඇතිවිය හැකි බවට වාරිතා වී ඇත.

එක්සත් ජනපදයේ CDC(Centers for Disease Control and Prevention)අනුව ඔබට පහත රෝග ලක්ෂණ දෙකක් හෝ වැඩි ගණනක් තිබේ නම් වෛරසය ආසාදනය වී හැකි ප්‍රතිශතය වැඩිය.

  • උණ
  • සීතල
  • වමනේ ගතිය
  • මාංශ පේශි කැක්කුම
  • හිසරදය
  • උගුරේ අමාරුව
  • අසාමාන්‍ය රසය හෝ සුවඳ

ළමයින්ට සහ වැඩිහිටියන්ට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවට වාර්තා වී ඇත.

ඉහත සදහන් නොවන ඔබ වෙනත් බරපතල රෝග ලක්ෂණ අමතරව ඔබට හුස්ම ගැනීමට නොහැකි නම්, පපුවේ වේදනාව හෝ මුහුණු සුදුමැලි හෝ තොල් නිල්පැහැ වී තිබේ නම්,එය බරපතල ලකුණක් බැවින් වෛද්‍ය උපදෙස් හැකි ඉක්මනින් ලබා ගන්න

හදිසි රෝග ලක්ෂණ

■මුහුණේ ඉරියව්

  • මුහුණේ පැහැයේ වෙනස
  • තොල් දම් පාට වීම
  • අසාමන්‍ය හැසිරීම , අමුතු පෙනුම

■හුස්ම ගැනීමේ අපහසුතා

  • හුස්ම ගැනීමේ වේගය වැඩි වීම
  • හදිසියේම හුස්ම ගැනීමට අපහසු වීම
  • එදිනෙදා කටයුතු වලදී , හුස්ම ගැනීමට අපහසු වීම
  • පපුවේ වේදනාව
  • ඇලවීමේ අපහසුතාවය . වාඩි නොවී හුස්ම ගැනීමේ අපහසුතාවය
  • මුළු ශරීරයෙන්ම හුස්ම ගැනීම
  • හදිසියේම පපුවේ මහන්සිය

■සිහිකල්පනාව

  • කල්පනාව අඩුවීම
  • පිළිතුර දීමේ අඩුකම
  • නාඩි වැටෙන රිද්මයේ වෙනස් වීම්

ඔබේ රෝග ලක්ෂණය පිළිබඳව විමසීම් සදහා පහත අංකයට අමතන්න

සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශයේ උපදේශ කවුන්ටරය.
ගාස්තු රහිත දුරකථන අංකය
0120-565653

සෑම දිනකම උදේ 9 සිට රාත්‍රී 9 දක්වා සංබන්ධ කර ගත හැක

තවතවත් විස්තර දැනගන්න https://japanapi.jp

 799 total views,  2 views today

Click to rate this post!
[Total: 0 Average: 0]