විදේශ සිසුන් සදහා ජපන් රජයෙන් අමතර යෙන් 100,000

study

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් බොහෝ සිසුන් මූල්‍යමය පීඩාවට පත්ව සිටිති. එම තත්වයෙන් පීඩා විදින සිසුන් සදහා සඳහා ජපන් රජය විසින්යෙන් ජපානයේ හැමෝටම ලැබෙන මුදල් වලට අමතර සිසුන් සදහා 100,000 ක් ලබා දීමට තීරණය කර ඇත

මේම මුදල ලබාගත හැකි පාසැල්

learn
learn
  • විශ්ව විද්‍යාල (大学、大学院)
  • කනිෂ්ට විශ්ව විද්‍යාල(短期大学)
  • තාක්ෂණ විද්‍යාල(高等専門学校)
  • වෘත්තීය පාසල් (専門学校)
  • ජපන් භාෂා පාසල් (日本語学校)

ජපන් පාසැල් සම්බන්දයෙන් ජපන් භාෂා අධ්‍යාපන ආයතනට ඇතුලත් වන පාසැල් පමණක් අදාල වන බැවින් ඔබේ පාසැල එයට ඇතුලත්යයි පාසලෙන් විමසීමක් කරන්න. ජපන් භාෂා අධ්‍යාපන ආයතන(日本語教育機関):නිහොන්ගෝ කියෝඉකු කිකන්

විදේශ සිසුන්ගේ සුදුසුකම්

ඔබ විදේශ සිසුවෙක් නම් ඔබ පහත සදහන් සුදුසුකම් සපුරා ගත යුතුය.තවද ඔබගේ පාසැල ඔබට මේම මුදල ලබා දීමට සුදුසුකම් තියෙනවද කියා තීරණය කරයි.

  • පෙර වර්ෂයේ ශ්‍රේණියේ ඇගයීම් ප්‍රමාණය 2.30 හෝ ඊට වැඩි අය(ඔබේ ඇගයීම ගැන පාසැලින් විමසන්න)
  • එක් මාසයක පාසැල් පැමිණීමේ අනුපාතය 80% හෝ ඊට වැඩි අය
  • ජීවන වියදම සදහා තම නිවසින් (ලංකාවෙන්) ගෙන්වා ගත් ඇති මුදල මසකට ජපන් යෙන් 90000 කට අඩු.(පාසැල් ගාස්තුවලට ගෙන්වූ මුදල් අදාල නැත)
  • ඔබ ජපානයේ වෙසෙන කෙනෙක් ගෙන් යැපෙනවා නම් ඔහුගේ වාර්ෂික ආදායම 500万 වඩා අඩු අය

කොපමණ මුදලක් ලැබෙනවද

yennote
100000 yen
  • ජපන් යෙන් 100,000

අයදුම් කිරීමේ කාලය

අයදුම් කිරීම සඳහා අවසාන දිනය සෑම පාසලකටම නියම කර ඇත, එබැවින් කරුණාකර සෑම පාසලක්ම අමතන්න .

ගෙවීම් කාලය

එය තවමත් නිල වශයෙන් තීරණය කර නැත, නමුත් රජය ජුනි මස මැද භාගයේ සිට ගෙවීම් සිදුකරන ඇතැයි විශ්වාස කල හැක

අයදුම් කිරීමේ ක්‍රමය

questions
How
  • සිසුන් තම පාසල සඳහා ඉල්ලුම් කර යුතුය.
  • පාසල විසින් සුදුසුකම් ලත් සිසුන්ගේ ලැයිස්තුවක් ජපාන ශිෂ්‍ය සේවා සංවිධානයට (JASSO) ලබා දිය යුතුය
  • ජපාන ශිෂ්‍ය සේවා සංවිධානය (JASSO) විසින් පාසල විසින් අයදුම් කර සිසුන්ට බැංකු ගිණුමක් මාර්ගයෙන් ලබා දෙයි.(තැපැල් ගිණුමක් තිබේනම් එය බාවිතා කර හැක)
Japan Student Services Organization (JASSO) – JASSO

අයදුම් කිරීමට අවශ්‍ය ලියලියවිලි ඔබ අයත් පාසල අනුව ඉදිරිපත් කිරීමේ ක්‍රමය වෙනස් වන බැවින් කරුණාකර පාසලෙන් විමසන්න.

වෙනත් ප්‍රශ්ණ සහ පිළිතුරු

කුලී නැති නිවසක ජීවත්වන සිසුන් පවා සුදුසුකම් තිබේද?
ඔබේ පවුලෙන් මූල්‍ය ආධාර නොලැබෙන්නේ නම්, එම කරුණ වාර්තා කිරීමෙන් ඔබට ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය.
යම්යම් හේතු නිසා පාසලෙන් නිවාඩු ලබා සිටින සිසුන්
අයදුම් කර හැක
අප්‍රේල් මස අරුබයිතෝ අදායම අඩුවී නැත
හැකිතරම් අයදුම් කර බලන්න

මෙම ලිපිය ජපානයේ අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නිවේදන මත සාරාංශ කර ඇති බැවින් ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් අපේ මෙම ලිපිය share කරන්න.

Ministry of Education, Culture, Sports, Science and Technology

 2,216 total views,  4 views today

Click to rate this post!
[Total: 0 Average: 0]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *